Tuesday, September 24, 2024

සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය හා විකාශය


සන්නිවේදන අධ්‍යනයෙහි ආරම්භය හා විකාශය

 "සන්නිවේදනය යනු තොරතුරු , අදහස් හුවමාරු කර ගැනීමයි." පුද්ගලයාට සන්නිවේදනය නොකර සිටිය නොහැක. "මානවයා  සමාජ සත්වයක වන නිසා බොහෝ කාලය ගත කිරීමට සිදුවන්නේ කුමන ක්‍රමයක හෝ සමාජ අන්තර් ක්‍රියාවලියකය." යනුවෙන් ලින්ඩා කොස්ටිගන් ලීඩර්මන් ආචාර්යවරිය New Dimensions නැමැති කෘතියේ පෙන්වා දෙයි.

සමාජ සබඳතා පුද්ගල සබඳතා සියල්ලෙහි බැඳීම සන්නිවේදනය වෙ. මානව සමාජයේ ආරම්භය දක්වම සන්නිවේදනයේ ආරම්භයද දිවයයි. මුල් කාලීනව සීමිත වූ ප්‍රාථමික අවශ්‍යතා වෙනුවෙන් සංඥා සංකේත වලින් සන්නිවේදනය යෙදුණු මානවයා පසු කාලීන කාලීනව තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමට පෙළඹුණි. ඒ අනුව සන්නිවේදන තාක්ෂණය සංවර්ධනය ජනමාධ්‍යයන්ගේ වර්ධනය හා ඉන් පුද්ගලයාට හා සමාජයට සිදුවන බලපෑම නිසා විද්වතුන්ගේ පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. 
අසීමාන්තිකව සිදුවන තොරතුරු ජනනය, තොරතුරු හුවමාරුව සහ ව්‍යාප්තිය පුද්ගලයාට හා සමාජයට ඉෂ්ට හා අනිෂ්ඨ ඵල ගෙන දෙන බව විද්වතුන්ගේ අදහස විය. සන්නිවේදනයේ ආරම්භය මානවයාගේ ආරම්භය දක්වාම දිවෙන දිගු ඉතිහාසයක් තිබුණද සන්නිවේදන අධ්‍යයනයේ විෂය තවමත් ළදරු වියේ පසුවන සියවස් පහමාරක පමණ ලාබාල විෂය ක්ෂේත්‍රයකි. 
සන්නිවේදන අධ්‍යයන විෂය කෙරෙහි ලෝක විද්වතුන්ගේ අවධානය යොමු වන්නේ, 
17,18 සියවස්වල සිත වූ කාර්මමික විප්ලවය
1914-1918  සිදු වූ පළමුවන ලෝක යුද්ධය
1939-1945 සිදු වූ දෙවන ලෝක යුද්ධය 
  යන ඓතිහාසික සිද්ධි පාදක කොට ගෙනය. එයට තාක්ෂණයේ සිදු වූ සීඝ්‍ර දියුණුව, ජනමාධ්‍ය බිහිවීම, වර්ධනය, ව්‍යාප්තිය යනාදිය හේතු කොටගෙන ඇතිවූ නව ප්‍රබෝධය හේතු විය. මේ නිසාම සන්නිවේදන අධ්‍යයන විෂය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමේ උනන්දුව හා අවශ්‍යතාව ඉහළ නැංවිය. විශේෂයෙන් ලෝක යුද්ධ සමය තොරතුරු හුවමාරුව සඳහා සන්නිවේදනය බෙහෙවින් ඉවහල් වූ අතර යුද මානසිකත්වය ඇති කිරීම, ජනමත නිර්මාණය කිරීම ආදී සඳහා ජනමාධ්‍ය ඉවහල් විය. ලෝක යුද්ධ අවසන් වීමෙන් පසු යුතු තොරතුරු වාර්තාකරණයට හුවමාරු කිරීමට යොදාගත් මාධ්‍ය ජනතාවගේ මානසිකත්වය නඟා සිටුවීමට, විනෝදාස්වාදය හා තොරතුරු සම්පාදනයට අධ්‍යාපනය ලබා දීමට යොදා ගන්නා ලදී. එහෙත් එහිදී ජනමාධ්‍ය යොදා ගැනුනේ හුදු සරල විනෝදය ගෙන දෙන ත්‍රාසය, භීතිය, වීරත්වය හා ලිංගිකත්වය මතු කරන ආකාරයේ ගීත, ටෙලි නාට්‍ය, චිත්‍රපට, පුවත් ආදී ප්‍රචාරණයටයි.
එහිදී වාණිජ පරමාර්ථ හා බලය ලබා ගැනීම වෙනුවෙන් මාධ්‍ය හැසිරවීමට මාධ්‍ය ආයතන හිමිකරුවන්, දේශපාලනඥයන් උත්සාහ දැරීම තුළ එහි බලපෑම තවදුරටත් සමාජය හා පුද්ගලයා වෙත එල්ල වන්නට විය. මේ නිසාම මාධ්‍ය මෙහෙයවන අන්තනෝමතික ක්‍රියා කලාපය නිසා විද්වතුන්ගේ අවධානය සන්නිවේදන අධ්‍යයනය වෙත යොමුවිය.
1933 ජර්මනේ බලය අල්ලා ගත් ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අන්තනෝමතික පාලනයේ හේතුවෙන් උගතුන් බුද්ධිමතුන් රැකවරණය පතා ඇමෙරිකාව,එංගලන්තයේ වැනි රටවලට පලා ගිය අතර ඔවුන් සිදු කළ පර්යේෂණවලින් ජනමාධ්‍ය පුද්ගලයා කෙරෙහි හා පුද්ගල සබඳතා කෙරෙහි බලපාන බව අනාවරණය කරන ලදී. 1920 ගණන්වල සිදු වූ මෙම පර්යේෂණවලට විවිධ විශේෂේත්‍රවල ශික්‍ෂණය ලද විද්වතුන් සම්බන්ධ වී තිබේ. ඒ නිසාම සන්නිවේදන අධ්‍යයනයේ විශේෂ වාදීනී විෂයක් ලෙස වර්ධනය වීමට පෙර මනෝවිද්‍යාව සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව අධ්‍යාපන විද්‍යාව වැනි ක්ෂේත්‍ර තුළින් පෝෂණය වී බහුවිෂයග්‍රාහී විෂයක් ලෙස පෙන්වාදිය හැකිය. මීට අමතරව ලෝක පරිමානයෙන් බලපෑම් කළ පරිණාමවාදය, මනෝ විශ්ලේෂණවාදය, මාක්ස්වාදය වක්‍රාකාරයෙන් සන්නිවේදන අධ්‍යයන විෂයට බලපෑම් කළ අතර 19 වන සියවසේ සන්නිවේදනය දර්ශනවාදය තුළ සංවර්ධනය විය. 20 වන සියවසේ දී සමාජ විද්‍යා, මනෝවිද්‍යාව වැනි විෂයන් තුළ එය වර්ධනය විය. ඒ අනුව සන්නිවේදන විද්වතුන් වෙනස් වන දියුණු වන මාධ්‍ය තාක්ෂණය සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම සන්නිවේදනය, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාව යන කරුණු අතර ඇතිවන සම්බන්ධතාවන් මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කරන ලදී.
ඒ අනුව සන්නිවේදන  අධ්‍යයනය විෂය ස්වාධීන විෂයක් වීමට පෙර සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ චාල්ස් හෝර්ටන් කූලිගේ සමාජ සංවිධානය 1909 කෘතියද දේශපාලන විද්‍යා ක්ෂේත්‍රයේ වෝල්ටර් ලිප්මාන්ගේ ජන මතය 1922 කෘතියද අධ්‍යාපන විද්‍යා විද්‍යා ශ්‍රේෂ්ඨයේ ජෝන් ඩුවීගේ ජනතාව හා ඔවුන්ගේ ගැටලු 1927 යන කෘතියද සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය සංවර්ධනය කළේය. තවද හැරල් ඩි ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් ලැසාස්ෆෙල්ඩ්,කාල් හවුලන්ඩ්, විල්බර් ශ්‍රාම්, ජෝර්ජ් ගාබිනර්, ක්ලෝඩ් ශැනන්, වොරන් වීවර් යන විද්වතුන්ද සන්නිවේදන අධ්‍යයනය ක්ෂේත්‍රයේ ශාස්ත්‍රිය සංවර්ධනයට අවශ්‍ය පදනම සකස් කරන ලදී.

හැරල් ඩි ලැස්වෙල්, ලැසාස් ෆෙල්ඩ්, කාල් හවුලන්ඩ්, කර් ටි ලෙවින් යන ප්‍රාරම්භකයන් සිව්දෙනා සැමටම වඩා වැඩි අගයකින් තක්සේරු කළ යුතු බව " රොජ්ර්ස්" ඉඳුරා ප්‍රකාශ කරන අතර එම මතය මහාචාර්ය විල්බර්ශාම් ද අනුමත කර ඔවුන් සන්නිවේදන ක්ෂේත්‍රයට කළ මෙහෙය අගය කොට තිබේ. 
1943 දී අයෝවා විශ්ව විද්‍යාලයට අයත් school of journalism හේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූ මහාචාර්ය විල්බර්  ශ්‍රාම් සන්නිවේදන අධ්‍යයන විෂයය ශාස්ත්‍රීය විෂයක් ලෙස ආයතනගත කිරීමට පියවර ගත් අතර සන්නිවේදන විෂය ධාරාවෙන් ප්‍රථම ආචාර්ය උපාධිය එහි ආරම්භ කළේය. මහාචාර්ය විල්බර් ශ්‍රාම්ගේ මූලිකත්වයෙන් සන්නිවේදන ආයතන තුනක් ස්ථාපිත කර තිබේ.
ඉලිනොයිස් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව සන්නිවේදන පර්යේෂණ ආයතනය
ස්ටෑන්ෆොර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව සන්නිවේදන පර්යේෂණ ආයතනය
හොනලුලු විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ඊස්ට් වෙස්ට් සන්නිවේදන ආයතනය
ඉන් අනතුරුව සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ශාස්ත්‍රීයව අධ්‍යයනය කිරීම කෙරෙහි වූ අවධානය වර්ධනය වන්නට විය. ජනමාධ්‍ය පාසල් සන්නිවේදන පර්යේෂණ ආයතන විශ්ව විද්‍යාල සඳහා නව අංශයක් ලෙසද එක්විය. මෙම ආයතන වලින් සිය දහස් ගණනින් සන්නිවේදඥයින් බිහි වූ අතර ඔවුහු සන්නිවේදන ක්ෂේත්‍රයට වටිනා දෑ දායාද කළෝය. මාෂල් මැක්ලූහන් (1964) Understanding Media කෘතියත් මගෙන් තුන්වන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවෙන තාක්ෂණික දියුණුව නිසා ලෝකයේ විශ්ව ගම්මානයක් වන බව ප්‍රකාශ කිරීම, පෝල් ලැසාස්ෆෙල්ඩ්ගෙ සම සංස්කරණයෙන් එළිදැක්වූ පුද්ගල බලපෑම (1955) යන කෘති ද සන්නිවේදන අධ්‍යයන විෂයෙහි ශාස්ත්‍රීය පදනම සකස් කිරීමට දායක විය. 
තවද හැරල් ඩී ලැස්වෙල්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ චිකාගෝ විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයන කමිටුව යුද තොරතුරු සෙවීමේ අරමුණින් ආරම්භ වුවද "හචින්ස්" කොමිසමේ සන්නිවේදන කටයුතු සදහා ද යොමු කිරීම නිසා මෙම ක්‍රියාවලිය සංකල්පගත කිරීමේ ප්‍රණාමය ඔවුන්ට හිමිවේ. සන්නිවේදන විද්වතුන් ඇමෙරිකාව මුල්කර ගනිමින් සන්නිවේදන විෂය ක්ෂේත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයක නිරත වූ අතර චිකාගෝ ගුරුකුලයට අයත් විද්වතුන් විසින් සන්නිවේදන විෂයට හිමිතැන හා වැදගත්කම සිද්ධාන්ත ඔස්සේ ඉදිරිපත් කිරීමට සමත් විය. 

1960 දශකයේ මුල් භාගයේදී වෙනත් විෂය ක්ෂේත්‍රයක් තුළ අන්තර්ගතව තිබූ සන්නිවේදන අධ්‍යයන විෂය ස්වාධීන විෂයක් ලෙස වෙනම අධ්‍යයනය ආරම්භ විය. 60-70 දශකයේ සිදුකළ පර්යේෂණ වලින් සනාථ වූයේ ජනමාධ්‍යවලින් ඉදිරිපත් වූ සංදේශ මාධ්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතයේ සියලු අංග කෙරෙහි බලපාන බවයි. ඒ අනුව, රූපවාහිනී මාධ්‍ය දරුවන් කෙරෙහි බලපෑම් ඇති කරන බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් පෙන්වා දුන් අතර පෙන්සිල්වේනියානු විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම ද එම මතය තහවුරු කරන ලදී. එම පර්යේෂණ මගින් ජනමාධ්‍ය ජන ජීවිතයට පුද්ගලයාට සමාජයට සිදුකෙරෙන බලපෑම තවදුරටත් අධ්‍යයනය කරන ලදී. 80/90 ත වර්තමානයේ සන්නිවේදන තාක්ෂණයේ ඇති වූ සංවර්ධනය හේතු කොටගෙන විෂය පථය තවදුරටත් පුළුල්ව අධ්‍යයනයට ලක් විය. සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය තුළ සිදු කළ මෙවැනි පර්යේෂණ ද එහි ශාස්ත්‍රීය පදනම සකස් කිරීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.
ඒ අනුව යුනිස්කෝ සංවිධානය 1982 වර්ෂයේ දී ගෘහන්වර්ට් ප්‍රකාශනයෙන් මාධ්‍යයේ අහිතකර බලපෑමෙන් ළමා පරපුර මුදවා ගත යුතු බව පෙන්වා දෙන ලදී. එහිදී මාධ්‍ය සාක්ෂරතාව හා විචාරශීලි ලෙස මාධ්‍ය පරිහරණය කිරීමේ ඥානය දරුවන්ට ලබා දෙනු වස් පාසලේ ප්‍රාථමික ශ්‍රේණිවල සිට මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු බව නිර්දේශ කර සිටියේය. ඒ අනුව වර්තමානයේ ඉතා ජනප්‍රියතම විෂයන්ගෙන් එකක් බවට සන්නිවේදන අධ්‍යයනය පත්වී තිබේ. 
ශ්‍රි ලංකාවට සන්නිවේදන අධ්‍යයන විෂය හඳුන්වාදීම 1982 දී ප්‍රකාශයට පත් වූ ගෘන්වලට් ප්‍රකාශය මගින් සන්නිවේදනය හාමාධ්‍ය අධ්‍යයනයේ අවශ්‍යතාව පෙන්වා දුන් අතර ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් මෙම නව විෂය ක්ෂේත්‍රය හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවට ද මෙවැනි විෂයක අවශ්‍යතාව මුලින්ම පෙන්වා දුන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා වුවත් එය ස්ථාපිත වීමට කාලයක් ගත විය. ප්‍රථම වතාවට සන්නිවේදන විෂය ඉගැන්වීම ඇරඹුණේ දෙහිවල කනිෂ්ඨ විශ්ව විද්‍යාලයෙහිය. 1968-1969 කාලයේදී එඩ්වින් ආරියදාස මහතා විසින් සකස් කළ විෂය නිර්දේශයට අනුව පුවත්පත් කලාවේදය යන පාඨමාලාව හඳුන්වා දෙන ලදි. එහෙත් එය අවුරුදු දෙකකින් පමණ අවලංගු විය. 
1971 කැරල්ලෙන් පසුව විශ්ව විද්‍යාල වලට වෘත්තීය අභිමුඛ පාඨමාලා හඳුන්වා දුන් අතර ජන සන්නිවේදන විෂයද ඊට අයත් විය. ඒ අනුව 1972 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුවත්පත් කලාව යනුවෙන් පාඨමාලාවක් ආරම්භ කළ අතර එයද අවුරුද්දකින් පමණ නවතා දමා ඇත. 1973 දී මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී.ආරියපාල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය එඩ්වින් ආරියදාස සහ ඩි.සී. රණතුංග යන විශ්ව විද්‍යාල කොමිෂන් සභා විද්වත් කමිටුව විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයක් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන්විදුලිය, ලේක්හවුස් යන ආයතන වල විවිධ පාඨමාලා ආරම්භ කළ අතර වර්තමානයේ කැලණිය,කොළඹ, ශ්‍රීපාලි මණ්ඩපය,රජරට, ත්‍රිකුණාමලය මණ්ඩපය, යාපනය, විවෘත විශ්ව විද්‍යාලවල ජන සන්නිවේදන පාඨමාලා පැවැත්වේ. ඩිප්ලෝමා,සාමාන්‍ය, විශේෂ උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි මෙම විෂයට අදාළව ලබාගත හැකිය. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2006 දී 10 ශ්‍රේණියටත් 2007 දී 11 ශ්‍රේණියටත් 2008 වසරේදී උසස් පෙළ විෂය ධාරාවට ධාරාවට ද මෙම විෂය ඇතුළත් කරන ලදී. වර්තමානයේ වඩාත් ජනප්‍රියතම විෂයක් ලෙස සන්නිවේදන අධ්‍යනය හඳුන්වා දිය හැකිය.



Friday, September 20, 2024

සන්නිවේදනය යනු


 සන්නිවේදනයේ ආරම්භයේ කවදා කොතැනකින් සිදුවුණිදැයි අපට කිව නොහැක.ඒ තරම් ඈතට සන්නිවේදනයේ ආරම්භය සිදුවේ. සන්නිවේදනය යනු මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. මානවයාගේ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස සන්නිව්දනය හැඳින්විය හැකිය. සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යෑම සඳහා සන්නිවේදනය අවශ්‍ය වේ. අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත්කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසට එක් අතකට සැලකිය හැකිය. මානව සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එසේම මනුෂ්‍ය සමාජයේ මූලික පෙළගැස්ම සන්නිවේදනය ඔස්සේ සිදුවන බව දක්නට ලැබේ. සන්නිවේදනය මිනිසාගේ අවශ්‍යතාවයකි. එබැවින් එහි හුදෙකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් ද දක්නට නොමැත.

                            අප සන්නිවේදනය හැදෑරීම යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ගැන හැදෑරීමය. මිනිසා සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධතා දක්වන ආකාරය, තොරතුරු ලබා ගන්නා ක්‍රම හා හුවමාරු කර ගන්නා ක්‍රම, ඉගෙනීම හා ඉගැන්වීම, විනෝදය ලබා ගැනීම ආදී සියල්ල සන්නිවේදන ක්‍රියාවලිය හා ප්‍රතිබද්ධ වී ඇත. මානව සන්නිවේදනය කුමක්දැයි හඳුනා ගැනීඹට නම් අපි විසින් ජනයා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය සොයාබැලිය යුතුය. මිනිසා එකිනෙකා හා සම්බන්ධතා ගොඩනාඟා ගන්නේ සන්නිවේදනය මුල් කර ගෙනය. විශාල ජන පිරිසක්, ඔවුනොවුන් අතර අදහස්, තොරතුරු හුවමාරු කර ගැනීඹට ප්‍රයත්න දරනවා විය හැකිය. එහෙත් මෙම ක්‍රියාවලිය එවුන් සිතන ආකාරයෙන් ඉටු නෙවීමට පුළුවන. එසේ ඉටු නොවන්නේ ඔවුනොවුන්ගේ ජීවන අත්දැකීම්, අදහස්, ආකල්ප, විවිධාකාර වන බැවිනි. යමෙකු විසින් කියන කිසියම් දෙයක් යමෙකුට අවබෝධ කර ගත හැකි වන්නේ ඔවුනොවුන්ගේ සිතේ ඇති අදහස්, ආකල්ප, මතිමතාන්තර වල සාමාන්‍යත්වය අනුවය.

            සන්නිවේදනය යන වචනය විග්‍රහ කරන විට පෙනී යන්නේ එය සං-නි- යන උපසර්ග දෙක පෙරටු කරගෙන විද් වේදනය යන ධාතුවෙන් සකස් වී ඇති පදයක් බවයි. සං යන උපසර්ගයෙන් මනා වූ යන අදහසත් නි යන උපසර්ගයෙන් ඒකාබද්ධ වූ යන අදහසත් ගම්‍ය වේ. විද් යන ධාතුවෙන් දැනීම, හැඟීම, වේදනය යනාදී අදහස් වාද්‍ය වේ. ඉංග්‍රිසියෙන් Communication යන වචනය අනුව සන්නිවේදනය යන වචනය ගොඩනාගගෙන තිබේ. ලතින් බසින් Communicatus යන්නෙන් Communication යන පදය නිපද වූ බව සලකනු ලැබේ. පොදු තත්ත්වයට පත් කිරීම, හුවමාරු කර ගැනීම, රහස්‍යභාවයෙන් තොර වීඹ, හා සම්ප්‍රේෂණය යන අදහස් ඉදිරිපත් වේ. සරල ලෙස විග්‍රහ කරන විට මේ වචනවලින් ඉදිරිපත් වන්නේ අදහස්, තොරතුරු, අවබෝධය, හුවමාරු කර ගැනීමය. සන්නිවේදනය යන වචනයෙහි අර්ථ විග්‍රහය පසු කාලයේ දී පුළුල් වී ඇති බව දක්නට ලැබේ. එසේ වී ඇත්තේ විවිධ විෂය ක්ෂේත්‍රයන් සමඟ සන්නිවේදනයෙහි ඇති සම්බන්ධතා නිසයි. සමහරු සන්නිවේදනය යන වචනය සඳහා විඥාපන යන වචනය යොදයි.

සන්නිවේදනය පිළිබඳව විවිධ පුද්ගලයන් විසින් විවිධ නිර්වදනයන් ඉදිරිපත් කර තිබේ.

"පුද්ගලයන් දෙදෙනෙකු අතර එක සමාන මනෝ වෘත්තියක් ඇති කරලීම" සන්නිවේදනය බව මහාචාර්ය විල්බර් ශ්‍රාම් පැහැදිලි කොට ඇත. සන්නිවේදනයේ යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම, පසුතලය, සම තත්ත්වයක පවතී නම් එක කාර්ය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්ත්වයකත් නොතිබුණ ද සන්නිවේදනයේ යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සන්දේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලියක දී දෙපක්ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායක ය.

චාල්ස් කුලී නමැති සමාජ විද්‍යාඥයා දක්වන පරිදි "මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීඹටත් උපකාර වන උපක්‍රමය සන්නිවේදනය" වන බවයි. කාලය හා දුර ජයග්‍රහණය කර ගැනීමෙච් අවශ්‍යතාවය මිනිසාට ඈත අතීතයේ සිටම දැනුන බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස සංකේත, අකුරු, මුද්‍රණය හා තාක්ෂණික මාධ්‍ය යනාදිය බිහිවිය. මෙම ඓතිහාසික වරර්ධනය තුළ සන්නිවේදන ක්‍රියවලිය ද පුළුල් වී ගිල බව පෙනේ.

එඩ්වඩ් සැපීර් දක්වන පරිදි "සමාජය යනු අනෙකක් නොව, සන්නිවේදනය හේතු කොට සන්නිවේදනය තුළින් පවත්වාගෙන යන සබඳතා ජාලයයයි. චර්යාව අදාල සෑම සංස්කෘතික රටාවක්ම සහ සමාජ සමාජ චර්ය අදාළ සෑම ක්‍රියාවක්ම කෙලින් හා වක්‍රව සන්නිවේදනයට සම්බන්ධතාවයක් ඇත." සන්නිවේදනය යන්න කිසියම් සම්බන්ධතාවක් මත රඳි පවතින්නකි. මෙම සම්බන්ධතාව පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ පුද්ගලයෙකු තුළ හෝ සමූහයක් සමඟ හෝ ඇතිවිය හැකිය.

සන්නිවේදනය සංකී ක්‍රියාවලියක් වේ. එය මානව සන්නිවේදනය පැත්තෙන් ඉතාමත් ප්‍රායෝගිකය. සරල සන්නිවේදන භාවිතාවේ සිට විශ්වීය පුළුල්කරණය සඳහා සන්නිවේදනය එක සේ බලපෑම් ඇති කරවන විශ්ව සාධාරණ න්‍යායකි. තොරතුරු ග්‍රාහක ගතවීමේ ක්‍රියාවලියට ඔබ්බේ වූ සමාජ හා සංස්කෘතික ක්‍රියාදාමයන් මේ තුළ ගැබ්ව ඇත. සන්නිවේදනය පිළිබඳව හැදෑරු පර්යේෂණ කළ බොහෝ විද්වතුන් සන්නිවේදනය යන්න පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික නිර්වචන රාශියක් ඉදිරිපත් කොට ඇත. කාලීන සමාජ පද්ධතියට සන්නිවේදනය බලපාන ආකාරය අනුව ඔවුන් එම විග්‍රහයන් සිදුකොට ඇත. කාලීන සමාජ පද්ධතියට සන්නිවේදනය බලපාන ආකාරය අනුව ඔවුන් එම විග්‍රයන් සිදුකොට ඇත. හුදෙක් පණිවුඩ හුවමාරුව, තොරතුරු ක්‍රියාවලිය හා මිනිසුන් තොරතුරු සමාජය වර්ධනය කරගෙන ඇති ආකාරය පිළිබඳව නිර්වචන හරහා අර්ථ ගැන්වේ.

ජනප්‍රිය සංස්කෘතිය

  ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම. ජනප්‍රිය සංස්කෘතිය බිහිවීම ජනමාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. වර්තමානය වන විට ජනමාධ්‍ය කටයුතු කරනු ලබන්නේ අන...