Saturday, January 25, 2025

සන්නිවේදන බාධක


 ඕනෑම සන්නිවේදන  ක්‍රියාවලයකදී බාධාවන් ඇතිවිය හැකිය. එම බාධාවන් නිසා සන්නිවේදන ක්‍රියාවලිය අසාර්ථක වීමට පුළුවන. එහි අවසන් ප්‍රතිඵලය සන්නිවේදනයේ අරමුණු ඉටු නොවීමයි. ග්‍රාහකයාට පණිවිඩය නොලැබීම, පණිවිඩය ලැබුණද එය නිවරදිව වටහා ගත නොහැකි විම. පණිවිඩය වැරදි ලෙස හෝ අඩ වශයෙන් වටහා ගැනීම මෙම බාධක වලින් ඇතිවන තත්වයන්ය. කෙසේ නමුත් සන්නිවේදනයේ මුලික ස්වභාවයක් ලෙස ඕනෑම සන්නිවේදන ක්‍රම විධියකදී රටාවකදී මෙම බාධක මතු විය හැකිය. ස්වභාවික සන්නිවේදන රටා වල දී මෙන්ම කෘතිමව සකස් කරගත් සන්නිවේදන රටා වල දීද මෙම බාධක තත්වයන් මතු වේ. සන්නිවේදකයකු විසින් කළ යුත්තේ එම බාධක අවම කරගෙන සන්නිවේදනය කිරීමයි. සන්නිවේදකයාට අයහපත් ලෙස බලපාන බාධක මෙන්ම ග්‍රාහකයාට අයහපත් ලෙස බලපාන බාධක ද දක්නට ලැබේ.

සන්නිවේදනයේ දී මෙම බාධක ප්‍රමාණ වශයෙන් කොටස් 4 ක් යටතේ අධ්‍යනය කළ හැකිය. මෙම වර්ග කිරීම තව දුරටත් සිදුකළ හැකි මුත් බාධකවල මූලික ලක්ෂණ මගින් හැකි සරලම ආකාරයේ වර්ග කිරීමක් මෙහිදි දක්නට ලැබේ. එනම්,

1 අර්ථ බාධක

2 යාන්ත්‍රික බාධක

3 පාරිසරික බාධක

4 ශාරීර හෝ මානසික බාධක

අර්ථ බාධක

සන්නිවේදකයා ප්‍රකාශ කරන දෙය වැරදි ලෙස වැටහීම, මෙය භාෂාව, සංඥ, සංකේත පිළිබද ඇති නොදැනුවත්කම නිසා සිදුවිය හැකිය. මෙය ග්‍රාහකයා තේරුම් ගන්නා ආකාරය අනුව සිදු වේ. සන්නිවේදකයා සන්නිවේදනය කිරීමේ දී නිවරදි උදාහරණ පැහැදිලි කිරීම් භාවිත නොකිරිමේන් ද මෙම බාධක ඇති විය හැකිය. යම් කෙනෙකු යමක් වැරදි බව හැගීමට ‘‘ අනේ යනවා යන්න‘‘ යනුවෙන් ප්‍රකාශ කරයි. ග්‍රාහකයා මෙය වැරදි ගෙස තේරුම් ගතහොත් එතනින් ඉවත් යෑමට හැකිය. එය අර්ථ බාධකය.

යාන්ත්‍රික බාධක

සන්නිවේදනයේ මූලික යාන්ත්‍රික ක්‍රියාවලියක් ඇති අතර එය සන්නිවේදනයේ ගලා යාම තීරණය කරයි. එම එක් පියවරකදී යම් බාධාවක් ඇතිඅ වන්නේ නම් එය යාන්ත්‍රික බාධකයකි. එනම්, පණිවිඩය යවන නාලීයේ ඇතිවන බාධකයකි. එසේම සන්නිවේදන ක්‍රියාවලියේ දී යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීම වර්තමානයේ  අත්‍යවශ්‍ය වන තරමට ම ප්‍රබල ප්‍රවනතාවකි. රූපවාහිණිය, ගුවන් විදුලිය, දුරකථනය, ට්‍රාන්ස්මීටරය, ස්පීකරය ආදී වූ විවිධාකාර යන්ත්‍ර ඒ අතර වේ. ඒවායෙහි ඇතිවන බාධක යාන්ත්‍රික බාධක වේ. උදා - ගුවන් විදුලියේ ස්විචයේ දෝෂ, ඒරියල් ක්‍රියාත්මක නොවීම‍.

පාරිසරික බාධක

සන්නිවේදනයේ සිදු වන පරිසරය තුළ බාධකයකි. මෙය ස්වභාවික පරිසරයේ හෝ කෘතිම පරිසරයේ වූවද සිදු විය හැකිය. අධික වර්ෂාවක් පවතින ගුවන් විදුලි හෝ රූපවාහිණි තරග ගමන්කිරිමට බාධා එවිට ග්‍රාහකයාට නියමිත සන්දේශය නොලැබී යයි. එය බාධකයකි. ඊට අමතරව යම් දෙදෙනකු අතර පවතින කතා බහක් ඒ අසල මහ හඩින් ශබ්ද නගමින් යන දුමිරියක් නිසා අඩපණ වීමට පුළුවන. එවම් එය ද බාධකයකි. මෙහි මුල් අවස්ථාව ස්වභාවික පාරිසරික බාධකයක් වන අතර දෙවන අවස්ථාව කෘතිම පරිසරය විසින් ඇති කරන ලද්දකි.

ශාරීර හෝ මානසික බාධක

මෙය සන්නිවේදකයා තුළ මෙන්ම ග්‍රාහකයා තුළ මෙන්ම ග්‍රාහකයා තුළ ද ඇති විය හැකිය. පංචේන්ද්‍රයන් හි දක්නට ලැබෙන දුර්වලතාවක් හෝ දෝෂයක් නිසා යමක් නිවැරදිව වටහා ගත නොහැකි වීම මෙහි ඇතිවන තත්වයයි. එසේම සන්නිවේදකයාට යමක් සන්නිවේදනය කිරීමට ද ඒ මගින් ම බාධා ඇතිවිය හැකිය. තම මුඛයේ ආබාධයකින් පෙළෙන සන්නිවේදකයෙකු මුවින් යමක් ප්‍රකාශ කිරීමේ දී බාධා ඇති වේ. කනෙහි ආබාධයක් ඇති විට එය ග්‍රහණය කර ගැනීම ග්‍රාහකයාට අපහසුය.

මීට අමතරව සන්නිවේදකයා හා ග්‍රාහකයා තුළ පවතින මානසික ස්වභාවය අයහපත් නම් එය ද බාධකයකි. තදබල දුකකින් සිටින අවස්ථාවක දී හෝ සතුටින් සිටින අවස්ථාවක දී යමක් පැහැදිලිව ප්‍රකාශ කිරීමට සන්නිවේදකයා අපහසුය. ග්‍රාහකයාට තේරුම් ගැනීමට ද එය බාධකයකි.

Wednesday, January 15, 2025

ගුවන් විදුලියේ සුවිශේෂි සංදිස්ථාන

ගුවන් විදුලිය නව මාවතක් ඔස්සේ


    ශ‍්‍රව්‍ය මාධ්‍යයක් වශයෙන් ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය සිය ජීවිත කාලය වු අවුරුදු 90 වෙන් අවුරුදු 70වක පමණ කාලයක් වැඩුණේ රාජ්‍ය රැුකවරණ යටතේය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ඒ තරම් කාලයක් ලංකාවේ ගුවන් විදුලිය පාලනය වුයේ රාජ්‍ය මාධ්‍යයක් ලෙසිනි. මේ නිසා මෙය ඉතා සෙමින් එහෙත් කිසියම් ස්ථාවර බවකින් යුතුව වැඩෙමින් තිබුණි. එහෙත් 1927 න් පසු බිහිවු රාජ්‍ය ප‍්‍රතිපත්තිවල ප‍්‍රබල වෙනස ගුවන් විදුලියට බලපෑවේය. එහිදී එතෙක් ගුවන් විදුලි මාධ්‍යයට බැදී සියලූ මායිමා සීමා වැට කඩුලූ බිඳහරින ලදී. එහෙත් අමතක නොකළ යුතු කාරණය වන්නේ එවැනි විවෘත හා නිඳහස් ආර්ළුක ප‍්‍රතිපත්තියක් ආරම්භ කර දශක එකහමාරක් හෙවත් අවුරුදු 15 ක් යන තෙක් ගුවන් විදුලි මාධ්‍ය රාජ්‍ය පාලනය යටතේ පැවති බවයි. ඒ හා විශාල කාලයක් ගුවන් විදුලි මාධ්‍ය පෞද්ගලික අංශයට විවෘත නොවුනේ එවැන්නක ඇති බැරැුරුම්කම එකල පැවති රාජ්‍යයක් අවබෝධ කොට ගත් නිසා දැයි මෙහිදී නිශ්චිතව කිවනොහැකිය. මේ දක්වාම ගුවන් විදුලිය රාජ්‍යයත්වයෙන් මීදීමට හේතු වු සාධක ගණනාවක් ගොනු කළ හැකිය. 1990 දශකයේදී මෙරට ගුවන් විදුලිය තුළ සුවිශේෂි සංදිස්ථාන රැුසක් ලඟා කරගත් යුගයක් ලෙෂ හැදින්විය හැකිය. ඒත් සමඟම පෞද්ගලික ගුවන් විදුලි නාලිකා බිහිවීමට  මෙකී සාධක බලපානු ලබයි. සමාජ ,ආර්ථික ,දේශපාලන ,සංස්කෘතික සාධක බලපාන්නට ඇත.

එකී දැඩි තරගකාරිත්වය සමඟ පෞද්ගලික නාලිකා විවිධ අයුරින් වෙනස් විය. එසේ වෙනස් වු සධකයන්ට අනුකූලව ගුවන් විදුලිය නව මානයකට යොමු විය. ඒ පිළිබඳ පුළුල් අධ්‍යනයක් මෙහිලා සිදුකරනු ලබයි. එහිදී පෞද්ගලික ගුවන් විදුලි නාලිකා මෙන්ම රාජ්‍ය නාලිකාද අවධානයට ලක් කරනු ලබයි. මෙහිදී ගුවන් විදුලි ආයනකයන් ලබා දුන් තොරතුරු වලට අනුව මෙහි කරුණු පෙළ ගස්වනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

සුවිශේෂි සංදිස්ථාන

·         1990  විදේශීය සේවාවක් වු කොළඹ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවය (COLOMBO INTERNATIONAL REDIO) ආරම්භ කිරීම.

·         ගුවන් විදුලි බලපත‍්‍ර අංශය පිහිටු වීම.

·         1991  ආරාධිත අමුත්තා” වැඩසටහන ආරම්භ කිරීම.

·         සුනිල් ගී” මැයෙන් කැසට් පටයක් කිරීම.

·         පළමුවරට සුසංහිත තැටි(සී ඞී තැටි) මාර්ගයෙන් ගීත නිකුත් කීරීම.

·         සංවර්ධන තොරතුරු ගමට ගෙන යාමේ අරමුණින් ග‍්‍රාමීය සේවය ආරම්භ කිරීම.

·         යාපාපටුන සේවය පලාලි සේවය නමින් හැදින්වීම.

·         කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලි සේවය නිල වශයෙන් ආරම්භ කිරීම. 1989 පෙබරවාරිි 12 වන දින අත්හදා බැලීමේ විකාශනය ආරම්භ විය. දකුණු කොරියානු රජය අවශ්‍ය උපකරණ මේ සඳහා පරිත්‍යාගය කළේය.

·         1992 පළමුවරට ශුද්ධ වු මක්කමේ සිට චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගත් හජ්ජි වන්දනා පැයක ගුවන් කාලයක් සජීවීව ප‍්‍රචාරය කිරීම.

·         කාලීන තොරතුරු ඇළත්ව නව අධ්‍යාපන සේවය ඔස්සේ ප‍්‍රචාරය වු සුභාරතී වැඩසටහන සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප‍්‍රචාරය ආරම්භ කිරීම.

·          ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වන්නා ප‍්‍රදේශිය සේවය ඔස්සේ ප‍්‍රචාරය ආරම්භ කිරීම.

·         ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වන්නි ප‍්‍රදේශීය සේවය ආරම්භ කිරීම. එල් ටී ටී ත‍්‍රස්ථවාදි ක‍්‍රියා නිසා  මාර්තු 30 වෙනි දින සිට විකාශන කටයුතු නතර කරනු ලැබිණ.

·          ස්ටීරියෝ පහසුකම සහිත නව බහුකාර්ය මැදිරිය (NEW MULTI STUDIO CMPLEX)විවෘත කිරීම ගුවන් විදුලි සඟරාව ශ‍්‍රව්‍යවාහිනී  නමින් නිකුත් කිරීම

·          ජනසවිය ගී පද මාලා තරඟය පැවැත්වීම

·         1994 දෙණියාය විකාශනාගාරය එෆ් එම් (FM) පද්ධතිය දියුණු කිරීම.

·          ගුවන් විදුලි සඟරාව ඇසිදිසි නමින් ආරම්භය කිරීම.

·          ශ‍්‍රාවක ප‍්‍රතිචාර සම්මාන උළෙල පැවැත්වීම.

·         1995 මුළු දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එෆ් එම් තාක්‍ෂණය යොදා ගැනීම.

·         ජපන් රජයේ ආධාරය යටතේ ලැබුණ බහුකාර්ය මැදිරිය මෙදින සිට ආනන්ද සමරකෝන් බහුකාර්ය මැදිරිය ලෙස නම් කිරීම.

·         ශ්‍රී ලංකා එෆ් එම් සේවයේ ගුවන් කාලය පැය 24 ක් දක්වා දීර්ඝ කිරීම.

·          ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විශ්වශ‍්‍රවණී සේවය ආරම්භ කිරීම.

·         ගුවන් විදුලි සංස්ථාව ප‍්‍රථමවරට ජනාධිපති උළෙලක් පැවැත්වීම. අසන්නන්ට, හොඳම නිශ්පාදනයන්ට සහ සේවාදායක ආයතන සඳහා ද මෙහිදී සම්මාන පිරිනමන ලදී.

·         1996 දෙමළ වෙළඳ සේවයක් වෙනම සේවයක් ලෙස ආරම්භ කිරීම.

·          ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතිරේක ප‍්‍රධාන ප‍්‍රවෘත්ති සේවයක් ආරම්භ කිරීම.

·          ශ්‍රී ලංකා එෆ් එම් සේවය හා එකාබද්ධ වීම පසුව එම සේවය සිටි එෆ් එම් ලෙස නම් කරන ලදී.

·          ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව  ලක්හඩ සේවය ආරම්භ කිරීම.

·          මුවන්පැළැස්ස නාට්‍යය ප‍්‍රචාරය නතර කිරීම.

·         1997 මධ්‍යම තරංග භාවිත කරමින් විසුරුවා හරින ලද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දේශීය සේවාවන් හී ප‍්‍රචාරණයන් සම්පුර්ණයෙන් නතර කිරීම.

·          යාපාපටුන සේවය නැවත යාපනය සේවය ලෙස නම් කිරීම.

·         විවිධ සේවාවල පවත්නා ගෙන ගිය තරඟ විස්තර ප‍්‍රචාරය වෙනම සේවාවක් ලෙස ක‍්‍රීඩා විකාශනය නමින් ආරම්භ කිරිම. මෙය ශ්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩා විකාශන සේවයයි.

·          ලක්හඩ සේවය ගුවන් විදුලි සංස්ථාවෙන් වෙන්වී ස්වාධීන රූපවාහිනී සේවය සමඟ අනුබද්ධ වීම.

·          කරගහතැන්න නව එෆ් එම් විකාශනාගාරය විවෘත කිරීම  නව එෆ් එෆ් ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය සැලකිය හැකිය.

·         1998 ශ‍්‍රද්ධ තරංග ව්‍යාපෘතිය ( MICROWAVE PROJECT) ආරම්භ කිරීම.

·          කන්තලේ මධ්‍යම තරංග (MW) විකාශනාගාරය වසා දැමීම.

·          පස්වන ප‍්‍රජා ගුවන් විදුලිය වශයෙන් පුලතිසිරාවය ප‍්‍රජා ගුවන් විදුලි සේවය ආරම්භ කිරීම.

·         1999 කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලි සේවය ආරම්භ කිරිම.

·         2000 විසිර ගුවන් විදුලි සේවය ආරම්භ කිරීම. ක‍්‍රඩා විකාශනයේ තරංග මාලා ( සංඛ්‍යාත) මේ සඳහා යොදා ගන්කා ලදි.

·         2001 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 75 වන සංවත්සරය සැමරීම.

·         වෙළඳ සේවය පවන Redio Slanka ලෙස නම වෙනස් වි ආරම්භ වීම.

·         දෙමළ වෙළඳ සේවය තෙන්ඩ‍්‍රල් නමින් හැදින්වීම.

·         අග්නිදිග ගුවන් විදුලි සේවය නතර කිරීම.

·         අමර ස්වර බැති පුද නමින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට උපහාර දැක්වීම.සුභාවිත සංගීතය ඇගයීමක් ලෙස ගුවන් විදුලි සංස්ථාවේ ”ආචාර්ය අමරදේව මැදිරිය” ලෙස නම් කිරීම.

·         ක‍්‍රිඩා විකාශනයේ වැඩසටහන් පවන ගුවන් විදුලි සංස්ථාවේ හා සම්බන්ධ කිරීම.

·         සිටි එෆ් එම් සේවයේ වැඩසටහන් සිංහල දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවන්ගෙන් නැවත ප‍්‍රචාරය කිරීම. රජයේ ත්‍රෛභාෂා ප‍්‍රතිපත්තිය ජනතාව අතරට ගෙනයාමේ අරමුණින් මෙසේ සිදුකිරීම.

2003.07.27

 

·         ප‍්‍රවෘත්ති අංශය නූතන තාක්‍ෂණ ක5මවේද අනුව ජාලගත කිරීම සහ ප‍්‍රවෘත්ති සඳහා මාර්ග දර්ශකයක් එළිදැක්වීම.

·         සිටි එෆ් නැවත ආරම්භ කිරීම සහ ප‍්‍රවෘත්ති සඳහා මාර්ග දර්ශකයක් එළි දැක්වීම.

·         වෙළඳ සේවය නැවත ආරම්භය කිරීම.

·         හජ්ජි වන්දනාව ඇතුළත් පළමු මුස්ලිම් කැසට් පටය නිකුත් කිරීම.

·         මතකයේ රුදුණු ගී වැඩසටහන නැවත වෙළඳ සේවයෙන් ප‍්‍රචාරයකිරීම වැඩසටහනේ නිවේදක ජයන්ත පිරීස් මහතා ය.

·         සිටි එෆ් එම් (  city fm)  සේවයේ උදෑසන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය පෙරවරු 7.00ට ආරම්භය කිරීම.

·         යාපනයේ විකාශනය නැවත කිරීම.

·         ඉංග‍්‍රිසි සේවය ප‍්‍රචාරය වන බී.බී.සී (BBC) වැඩසටහන් වෙනුවෙන් පැය 04ක ගුවන් විදුලි කාලයක් විකාශන කටයුතු සඳහා ලබාදීම.

·         පළමු වරට සිටි එෆ්.එම් සහ සහ තෙන්ඩ‍්‍රල් යන සේවා දෙක සඳහා අන්තර්ජාල සම්බන්ධය ඇති කිරීම.

·         දෙමළ වෙළඳ සේවය නැවත ආරම්භ කිරීම.

·         ආර්.එන්.එන් සේවය නැවත ආරම්භ කිරීම.

·         ක‍්‍රිඩා සේවය නැවත ආරම්භ කිරීම.

·         යුරෝපා සේවය නැවත නතර  කිරීම.

·         ආර් එන් එන්  සේවය ඔස්සේ සමස්ථ ආසියා හින්දි සේවය නැවත ආරම්භ කිරීම.

·         සිංහල ස්වදේශීය සේවයට අන්තර්ජාල සබඳතා ඇති කිරීම.

2006

·         ආර් එන් එන්  සේවය නතර කිරීම.

·         විදුල ළමා ගුවන් විදුලිය ආරම්භ කිරීම.

·         සිංහල ස්වදේශීය සේවය වැඩසටහනන් පෙරවරු 4.45ට ආරම්භ කිරීම.

·         සිටි එෆ් එම් සේවයේ උදෑසන ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය ප‍්‍රචාරය පෙරවරු 6.00 ට ආරම්භ කිරීම.

·         භාෂා විද්‍යාගාරයක් කොත්මලේ ගුවන් විදුලි සේවයේ ආරම්භ කිරීම.

·         මුවන්පැළැස්ස නාට්‍යය නැවත වෙළඳ සේවයෙන් ප‍්‍රචාරය කිරීම.

2007

·         ගුවන් විදුලි කෞතුකාගාරය නැවත විවෘත කිරීම.

·         ගුවන් විදුලි භාෂා විද්‍යාගාරය සහ ආපදා සන්නිවේදන මැදිරිය විවෘත කිරීම

·         ගිරාªකෝට්ටේ ප‍්‍රජා ගුවන් විදුලිය කටයුතු ආරම්භවීම.

2008

·         සිංහල ස්වදේශිය සේවයේ වැඩසටහන් පෙරවරු 4.30ට ආරම්භ කිරීම.

·         සිංහල ස්වදේශිය සේවයේ ශ‍්‍රවණ තත්ත්වය වැඩි දියුණු කිරීම, ඒ අනුව කොළඹ 93.3 සංඛ්‍යාතයේ ධාරිතාව කිලෝවොට් (KW)300 සිට 1500 දක්වා වැඩි කිරීම.

·         ගුවන් විදුලි ධර්මදේශනා දිනපතා පෙරවරු 8.00 සිට 9.00 දක්වා සහ රාත‍්‍රී 8.00 සිට 9.00 දක්වා ස්වදේශිය සේවය ඔස්සේ ප‍්‍රචාරය ආරම්භ කිරීම. මීට පෙර බදාදා සහ ඉරිදා දිනවල පමණක් ධර්මදේශනා ප‍්‍රචාරය කළේය.

·         විදුල ළමා ගුවන් විදුලියේ ගුවන් කාලය සංශෝදනය කිරීම. ඒ අනුව කොළඹ 93.3 සංඛාතයේ ධාරිතාව කිලෝ වොට් (KW) 300 සිට 1500 දක්වා වැඩි කිරීම

·         කොළඹ ජාත්‍යන්තර රේඩියෝව (COLOMBO INTRE NATIONAL REDIO) නතර කිරීම.

·         විදුල ළමා ගුවන් විදුලි සේවය සිංහල ස්වදේශී සේවය සමඟ ඒකාබද්ධ කිරීම. මේ සමඟ විදුල යේවයේ වැඩසටහන් පස්වරු 3.00 සිට පස්වරු 6.00 දක්වා ප‍්‍රචාරය විය

·         සන්ධ්‍යා සේවය ”ගොවි ගෙදරින් මහ ගෙදරට” යන නමින් නැවත ආරම්භ කිරීම.

·         සමස්ථ ඉන්දීය සේවය  (ALL INDIAN SERVICE ) හෙවත් කොළඹ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවය COLOMBO INTERNATIONL RADIO& ආරම්භ කිරීම.

·         රුහුණු සේවයේ ගුවන් කාලය සංශෝධනය කිරීම. ඒ අනුව පෙරවරු 5.30ට ආරම්භ කිරීම.

2009

·         තරංගා ගුවන් විදුලි සඟරාව නමින් නිකුත් කිරීම.

·         කොළඹ ප‍්‍රදේශයේ ශ‍්‍රවණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා කිලෝ වොට් 1.5 ධාරිතාවයෙන් යුත් ට‍්‍රාන්ස්මීටර් යොදා ගන්නා ලදී.

·         වයඹ හඩ ප‍්‍රාදේශීය ගුවන් විදුලි සේවය ආරම්භවීම.

·         පළමුවරට දෙමළ භාෂාවෙන් සජීවී ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරය ආරම්භ කිරීම.

·         ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙබ් අඩවිය මෙදින පරිශීලනය කළ ප‍්‍රමාණය ලක්‍ෂ 19 කි.

·         වෙළඳ සේවය උදෑසන ප‍්‍රවෘත්ති විකාශනය ආරම්භ කිරිම

·         හඞ්සන් සමඟ පුවත්පත් සිරස්තල වැඩසටහන ආරම්භ කිරීම.

·         සෑම දිනකම උදෑසන 06.30 ට වැඩසටහන ප‍්‍රචාරය විය. සිටි එෆ් එම් සේවය, වෙළඳ සේවය, සියළුම ප‍්‍රාදේශිය සේවා සහ ජාතික රූපවාහිනිය ඔස්සේ ප‍්‍රචාරය කළේය. පුවත්පත්, වෙබ් අඩෙවි, රූපවාහිනී නාලිකා, සඟරාවල තොරතුරු සංසන්ධනය කරමින් විග‍්‍රහාත්මකව ගෙන ඒම අරමුණයි.

·         සංඛ්‍යාංක සංරක්‍ෂණ ඒකකය පිහිටුවීම. එ් අනුව පැරණි තැටි සහ පටිවල අඩංගු ගීත හා කතා කොටස් ඩිජිටල් තාක්‍ෂණය ඩස්සේ සංරක්‍ෂණ කෙරේ.

·         දෙණියාය විකාශනාගාරයේ ධාරිතාව කිලෝවොට් (ණඵ* 05 දක්වා වැඩි කිරීම.

·         රජරට රුහුණු යන ප‍්‍රාදේශීය සේවාවන්හි ගුවන් කාලය පෙරවරු 5.30 සිට පස්වරු 7.30 දක්වා වෙනස් කිරීම.

·         සමස්ථ ඉන්දීය සේවය හෙවත් කොළඹ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවය නතර කිරීම.

·         සිටි එෆ් එම් , තෙන්ඩ‍්‍රල් සහ ඉංග‍්‍රිසි යන සේවා අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හැරීම.

·         පුලතිසිරාවය ප‍්‍රාජා ගුවන් විදුලි සේවය නැවත ආරම්භ කිරීම.

·         රුහුණු ප‍්‍රාදේශීය සේවය් ගුවන් කාලය රාත‍්‍රි 8.00 දක්වා දීර්ඝ කිරීම.

·         පලාලි සම්පේෂණාගාරය විවෘත කිරීම සහ මෙම ස්ථානයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලූම දෙමළ සේවා විසුරුවා හැරීම.

·         දඹාන රේ්ඩියෝ ගුවන් විදුලි සේවය ආරම්භ කිරීම. ගිරාඅදුරුකෝට්ටේ ගුවන් විදුලි සේවයේ සංඛ්‍යාත භාවිතයට ගනි.

·         සිංහල, දෙමළ, අළුත් අවුරදු වැඩසටහන් පුනරීන් සිට විසුරුවා හැරීම.

·         සිංහල ස්වදේශී සහ දෙමළ සේවා ඔස්සේ ඛී.ඛී.සී. සංදේශය වැඩසටහන නැවත ආරම්භ වීම.

2011

·         සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් විසුරුවා ලීම.

·         පළමු වරට මොබිටෙල් ආයතනය හා එක්ව ජංගම දුරකථන ඔස්සේ ගුවන් විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති ශ‍්‍රවණයට අවශ්ථාව ලබාදීම.

·         සිටි ත්‍ප සේවයේ වැඩසටහන් සිංහල , දෙමළ , ඉංග‍්‍රිසි භාෂාවන්ගෙන් නැවත ප‍්‍රචාරය කිරීම, රජයේ ත්‍රෛයි භාෂා ප‍්‍රතිපත්ති ජනතාව අතර ප‍්‍රචලිත කිරීම අරමුණ විය. පසු කලක සිංහල භාෂාවේ වැඩසටහන් ප‍්‍රචාරය සිදු වුයේය.

·         ටයිම් රේඩියෝ  ආරම්භ කිරීම. දෙස් විදෙස් කෙළිබිමේ නැවුම් තොරතුරු, කලා පුවත් සහ ගීත ශ‍්‍රාවකයාට ගෙන ඒමේ අරමුණින් මෙම සේවය ආරම්භ විය. 2014 මාර්තු 11 දින සිට විකාශනය කටයුතු නතර කළේය.

·         ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය සෙරන්ඩිබ් යනුවෙන් අන්තර්ජාල ගුවන්විදුලි සේවනක් ආරම්භ විය. 2014 මාර්තු 11 දින සිට විකාශය කටයුතු නතර කළේය.

2013

·         බී.බී.සී.  සංදේශ ප‍්‍රචාරය නැවත නතර කිරීම.

·         සිටි එෆ්.එම්. සංදේශය  ප‍්‍රචාරය නැවත කිරීම.

·         තරුණ ගොවි සමාජ ගුවන් විදුලි පැණ විසදුම් තරඟය නැවත ආරම්භ කිරීම. ගොවි බිමයි ජය ටැබයි යන නමින් වැඩසටහන නම් කර ඇත. තරුණ පරපුර නුතන තාක්‍ෂණය යමතේ කෘෂිකර්මයට සම්බන්ධ කරගැනීම සහ පාසල් සිසුන්ට කෘෂිකර්මය පිළිබඳ දැනුම ලබා දීම අරමුණයි.

·         පළමුවරට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සම්ප‍්‍රදායික යුගාසන ධර්මදේශනාවක් ආනන්ද සමරකෝන් මැදිරියේ දී පේ‍්‍රක්‍ෂක සහභාගීත්වයෙන් පැවැත් වීම.

2014

·         තෙන්ඩ‍්‍රල් සේවය ආරම්භ කළ එස් එල් කළ සිගින්ග් ස්ටාර් වැඩසටහනේ අවසන් තරඟය සහ ජයග‍්‍රහයකන්ට ත්‍යාග පිරිනැමීම.

·         රජරට නිවාඩු නිකේතනය නැවත ආරම්භ කිරීම.

·         විදුල ළමා ගුවන් විදුලියේ උදෑසන ප‍්‍රචාරණ කටයුතු නතර කිරීම.

·         පළමුවරට අපදානාත්මක හඩනළුව නම් වු වැඩසටහන සජීවීව ප‍්‍රචාරය කිරීම. මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි මාධ්‍ය වැඩසටහන් සඳහා එක් වු නව ආකෘතියකි.

·         හින්දි සේවයේ ගුවන් කාලය පැයකින් අඩුකිරීම.

·         ළමාපිටිය වැහසටහන නැවත ආරම්භ කිරීම.

·         ධර්ම දේශනාව අනුග‍්‍රාහකයාගේ නිවසේ සිට පළමුවරට සජීවීව  ප‍්‍රචාරය කිරීම, රුහුණු ප‍්‍රසේශීය සේවය මෙම වැඩසටහන විකාශනයන කළේය




ජනප්‍රිය සංස්කෘතිය

  ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම. ජනප්‍රිය සංස්කෘතිය බිහිවීම ජනමාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. වර්තමානය වන විට ජනමාධ්‍ය කටයුතු කරනු ලබන්නේ අන...