අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනය(Intrapersonal Communication)
* තමා තමා සමග ම සිදු කරනු ලබන සන්නිවේදනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යි. සෑම පුද්ගලයකු ම තම මතස හා සම්බන්ධ වෙමින් සන්නිවේදනයේ යෙදෙයි.
* අපගේ පංච ඉන්ද්‍රියයන් වන ඇස කන නාසය, දිව, සම යන ඉන්ද්‍රියයනට දනෙන රූපයද ගන්ධ, රස, ස්පර්ශ යන උත්තේජනයන්ට ප්‍රතික්‍රියා දැක්වීම මෙහි දී ප්‍රධාන වේ.
*පුද්ගල මනෝභාවයත්, පෞද්ගලික අත්දැකීම්, පෞද්ගලික අවශ්‍යතා හා සංකල්ප තමත් විසින් ම තමත් තුළ විමර්ශනයට ලක් කිරීම මෙහි දී සිදු වේ.
*විවිධාකාර මූලාශ්‍රයයන් හරහා අප වෙත ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගෙන අප තුළ ම සංවාදයක් ගොඩ නැඟේ. මෙය සිදු වන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය මඟිනි. එය තීරණ ගැනීමට පුද්ගලයාට ඉවහල් වේ.
* ස්ව සංකල්පය ගොඩ නැගීමට අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය උපකාර වේ.
*තම මහස අභ්‍යන්තරයේ සිදු වන සන්නිවේදනයක් බැවින් බහු පුද්ගල සබඳතාවක් දක්නට නොලැබේ.
* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී පුද්ගල ස්මෘතික ශක්තිය වැදගත් වේ.
* සංජාතනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ මූලිකාංගයකි.
* අතැම් අවස්ථාවල දී අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පුද්ගල චර්යා හා ඉරියවු වලින් දැනගත හැකි වේ.
* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දක්වේ.
1. පෞරුෂ වර්ධනයට
2.ස්ව සංකල්ප පෝෂණයට
3 චින්තනය ගොඩ නංවා ගැනීමට
4. මතක තබා ගැනීම සඳහා
5. තීරණ ගැනීමට
6. විචාරශීලිත්වය වර්ධනය කර ගැනීමට
7. නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමට
No comments:
Post a Comment