Friday, March 28, 2025

පුද්ගලාන්තර සන්නිවේදනය

 පුද්ගලාන්තර සන්නිවේදනය(Interpersonal Communication)


* පුද්ගලාන්තර සන්නිවේදනය යනු පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සන්දේශ හුවමාරු කර ගැනීමයි (Defleur and Dennis, 2012) 

* පුද්ගයෙන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර සිදුවන තොරතුරු හුවමාරුව අන්තර් පුද්ගල සන්නිවේදනය යි (Betger,Churles R., 2008)

* අන්තර්පුද්ගල සන්නිවේදනය සිදු වීමේදී වීමේ දී ඒ අතර සිටින දෙදෙනෙකු අතරවුව ද සන්නිවේදනයක් සිදු විය හැකි ය. 

එය යුගල (dyadic) සන්නිවේදනය යි. 

* විවිධ අරමුණු පෙරදැරි ව දෛනිත සන්නිවේදනයේ දී සෑම පුද්ගලයෙකුට ම බොහෝ අවස්ථාවලද අන්තර්පුද්ගල සන්නිවේදනයේ යෙදීමට සිදු වේ. මෙය පිහිප ආකාරයකට සිදු වේ.

1. මුහුණට මුහුණලා කෙරෙන පුද්ගලාන්තර සන්නිවේදනය

2. යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනය

* මෙහි සන්නිවේදනයේ දී සන්නිවේදකයා තරමටම ග්‍රාහකයා ද වැදගත් වෙයි.

* අන්තර්පුද්ගල සන්නිවේදනය මුලික වූ සමාජ සම්බන්ධතා ගොඩනැගෙයි.

* අන්තර්පුද්ගල සන්නිවේදනය මුහුණට මුහුණලා සිදු වීමේ දී වාචික හා අවාචික

සන්නිවේදන විධි ක්‍රම භාවිත කළ හැකි වේ. මෙහි දී බාධක අවම කරගත හැකි ය. 

*අන්‍යෝන්‍ය අවබෝධයෙන් මෙන් ම ආචාරශීලී ව සන්නිවේදනයේ යෙදීමෙන් දෙපාර්ශ්වයට ඵලදායි ප්‍රතිඵල ලබා ගත හැකි ය.

* අන්තර්පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දක්වේ.

1. වඩාත් පහසුවෙන් අන්තර් ක්‍රියාකාරී (Interactive) සන්නිවේදනයක යෙදීමට ඇති හැකියාව

2. අනෙකුත් සන්නිවේදන වර්ගයන්ට සාපේක්ෂ ව පෙළඹවීමේ හැකියාව වැඩි වීම

3. අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීමට හැකි වීම

4. පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තහවුරු කර ගත හැකි වීම

Intrapersonal Communication

 අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනය(Intrapersonal Communication)


* තමා තමා සමග ම සිදු කරනු ලබන සන්නිවේදනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යි. සෑම පුද්ගලයකු ම තම මතස හා සම්බන්ධ වෙමින් සන්නිවේදනයේ යෙදෙයි.

* අපගේ පංච ඉන්ද්‍රියයන් වන ඇස කන නාසය, දිව, සම යන ඉන්ද්‍රියයනට දනෙන රූපයද ගන්ධ, රස, ස්පර්ශ යන උත්තේජනයන්ට ප්‍රතික්‍රියා දැක්වීම මෙහි දී ප්‍රධාන වේ.

*පුද්ගල මනෝභාවයත්, පෞද්ගලික අත්දැකීම්, පෞද්ගලික අවශ්‍යතා හා සංකල්ප තමත් විසින් ම තමත් තුළ විමර්ශනයට ලක් කිරීම මෙහි දී සිදු වේ.

*විවිධාකාර මූලාශ්‍රයයන් හරහා අප වෙත ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගෙන අප තුළ ම සංවාදයක් ගොඩ නැඟේ. මෙය සිදු වන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය මඟිනි. එය තීරණ ගැනීමට පුද්ගලයාට ඉවහල් වේ.

* ස්ව සංකල්පය ගොඩ නැගීමට අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය උපකාර වේ.

*තම මහස අභ්‍යන්තරයේ සිදු වන සන්නිවේදනයක් බැවින් බහු පුද්ගල සබඳතාවක් දක්නට නොලැබේ.

* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ දී පුද්ගල ස්මෘතික ශක්තිය වැදගත් වේ.

* සංජාතනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ මූලිකාංගයකි. 

* අතැම් අවස්ථාවල දී අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය පුද්ගල චර්යා හා ඉරියවු වලින් දැනගත හැකි වේ. 

* අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දක්වේ.

1. පෞරුෂ වර්ධනයට

2.ස්ව සංකල්ප පෝෂණයට 

3 චින්තනය ගොඩ නංවා ගැනීමට

4. මතක තබා ගැනීම සඳහා

5. තීරණ ගැනීමට

6. විචාරශීලිත්වය වර්ධනය කර ගැනීමට

7. නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමට



ජනප්‍රිය සංස්කෘතිය

  ජනප්‍රිය සංස්කෘතිය හැදින්වීම. ජනප්‍රිය සංස්කෘතිය බිහිවීම ජනමාධ්‍ය ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. වර්තමානය වන විට ජනමාධ්‍ය කටයුතු කරනු ලබන්නේ අන...