පුද්ගලාන්තර සන්නිවේදනය(Interpersonal Communication)
* පුද්ගයෙන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර සිදුවන තොරතුරු හුවමාරුව අන්තර් පුද්ගල සන්නිවේදනය යි (Betger,Churles R., 2008)
* අන්තර්පුද්ගල සන්නිවේදනය සිදු වීමේදී වීමේ දී ඒ අතර සිටින දෙදෙනෙකු අතරවුව ද සන්නිවේදනයක් සිදු විය හැකි ය.
එය යුගල (dyadic) සන්නිවේදනය යි.
* විවිධ අරමුණු පෙරදැරි ව දෛනිත සන්නිවේදනයේ දී සෑම පුද්ගලයෙකුට ම බොහෝ අවස්ථාවලද අන්තර්පුද්ගල සන්නිවේදනයේ යෙදීමට සිදු වේ. මෙය පිහිප ආකාරයකට සිදු වේ.
1. මුහුණට මුහුණලා කෙරෙන පුද්ගලාන්තර සන්නිවේදනය
2. යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සන්නිවේදනය
* මෙහි සන්නිවේදනයේ දී සන්නිවේදකයා තරමටම ග්රාහකයා ද වැදගත් වෙයි.
* අන්තර්පුද්ගල සන්නිවේදනය මුලික වූ සමාජ සම්බන්ධතා ගොඩනැගෙයි.
* අන්තර්පුද්ගල සන්නිවේදනය මුහුණට මුහුණලා සිදු වීමේ දී වාචික හා අවාචික
සන්නිවේදන විධි ක්‍රම භාවිත කළ හැකි වේ. මෙහි දී බාධක අවම කරගත හැකි ය.
*අන්‍යෝන්‍ය අවබෝධයෙන් මෙන් ම ආචාරශීලී ව සන්නිවේදනයේ යෙදීමෙන් දෙපාර්ශ්වයට ඵලදායි ප්‍රතිඵල ලබා ගත හැකි ය.
* අන්තර්පුද්ගල සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දක්වේ.
1. වඩාත් පහසුවෙන් අන්තර් ක්‍රියාකාරී (Interactive) සන්නිවේදනයක යෙදීමට ඇති හැකියාව
2. අනෙකුත් සන්නිවේදන වර්ගයන්ට සාපේක්ෂ ව පෙළඹවීමේ හැකියාව වැඩි වීම
3. අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීමට හැකි වීම
4. පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තහවුරු කර ගත හැකි වීම

❤️❤️
ReplyDelete